Contact

Kusa Paba Film Song Madu Chandra Yame - Kasun Kalhara

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ 
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ 

වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උරමඩල සියපත් වතින් නිති සරසා
ප්‍රියයාන හදවත තුනු සිරින් සදනු

දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරි යහන සුපහස තනා පුලුලුකුලේ
පතිකුලය සුමිහිර සදා රැක වසනු


 මධු චන්ද්‍ර යාමේ........


ගායනය : කසුන් කල්හාර

Download mp3 click here

 

0 comments:

Post a Comment